රිකුණාමලයේ තෙල් ටැංකිවලට බැහැලා කැරකුණේ කවුද?

මැද පෙරදිග වර්තමානයේ පවතින යුද උණුසුම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවටත් දැනී තිබුණා.

ඊට හේතුව වූයේ අද(03) පාර්ලිමේන්තුව කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මැද පෙරදිග තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වීම නිසයි.

මෙහිදී බලශක්ති අමාත්‍යවරයා වන කුමාර ජයකොඩිගෙන් ප්‍රශ්නයක් විමසා සිටියේ සමගි ජන බලවේගයේ. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි විසින්.

බාල ගල් අඟුරු මෙරටට ගෙන්වා ඇති බව ආණ්ඩුවත් පිළි අරගෙන තියෙනවා. බාල ගල් අඟුරු හේතුවෙන් දිනකට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ උපදවන විදුලිය කිලෝ වොට් 900සිට කිලෝ වොට් 600 ට අඩුවෙනවා.

දිනකට ඒ වගේ අඩු උනාට පස්සේ ජෙනරේටර්වලින් තමයි, අඩු විදුලි උත්පාදනය කරන්න වෙන්නේ.

එතකොට විදුලිය උත්පාදනය කරන්න තෙල් අවශ්‍ය වෙනවා. දැන් මේ වෙලාවේ මැද පෙරදිග තියෙන අර්බුදයත් එක්ක තෙල් වල අර්බුදයක් තියෙනවා.

එතකොට තෙල් සැපයීම අඩුවුණොත් මොකද කරන්නේ? එතකොට තෙල් නැතුව කොහොමද ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක වන්නේ.

එහෙම තෙල් නැතුව ගියොත් මොකද වෙන්නේ එතකොට විදුලි බලය උත්පාදනය කරන්නේ කොහොමද එතකොට ලෝක යුද්ධයක් නෙවි, මේ රට ඇතුළෙත් යුද්ධයක් නිර්මාණය වේවි. යනුවෙන් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා විමසා සිටියා.

මීට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ තෙල් සැපයුම සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් මතු නොවන බවයි.

තෙල් ටැංකිවල තෙල් තොග උපරිම වශයෙන් පුරවලා තියෙන්නේ. මෙතන මරහඬ දුන්නට වැඩක් නෑ. ඒගොල්ලන්ගේ කාලයේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරිය ගැන හිතලා තෙල් ටැංකි හැදුවේ නැහැ. අපි තෙල් ටැංකි 9ක් හදන්න පියවර අරගෙන තියෙනවා. ඒ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ.

ඇමතිවරයාගේ ඒ කතාවට පිළිතුරු ලබා දෙමින් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තියෙනවා නම් අපි කරන හැටි පෙන්නන්නම් කියලා යනුවෙන් ප්‍රකාශ කළ බවයි.

එම තෙල් ටැංකිවලට බැහැලා මේ මහත්වරු කැරකුණු බවත් එතකොට එදා කියපු කතා දැන් කරගන්න බැරි ඇයිද කියාත් හෙක්ටර් අප්පුහාමි විමසා සිටියා.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් ලංකා තෙල් සංස්ථාවට තියෙන්නේ තෙල් ටැංකි 24ක් පමණක් බවත් එම කටයුතු සහ ඒවා නල මාර්ග යොදාගෙන අළුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් කුමාර ජයකොඩි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අළුත්වැඩියා කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඒවා දවසෙන් දෙකෙන් කරන්න බැහැ. ඔයගොල්ලන්ගේ කාලවලදී තමයි අපට තිබුණ තෙල් ටැංකු ටික විකුණලා තියෙන්නේ යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply