බහරේනයේ ජුෆෙයාර්හි අමෙරිකානු කඳවුරක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක්

බහරේනයේ ජුෆෙයාර් (Juffair) හි පිහිටි අමෙරිකානු කඳවුරක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසයි.
මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ, ඉරානයේ කෙෂ්ම් (Qeshm) දූපතේ පිහිටි ලවණ ඉවත් කිරීමේ (desalination) බලාගාරයකට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස බව ද වාර්තා වේ.
එම ප්‍රහාරය හේතුවෙන් ගම්මාන 30ක පමණ ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ද ඉරාන විදේශ අමාත්‍ය අරග්චි මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
මේ අතර බහරේන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එරට පුරා ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීමේ සංඥා (air raid sirens) නාද වෙමින් පවතින බවයි.
කලබල නොවී ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එම අමාත්‍යාංශය වැසියන්ගෙන් ඉල්ලා සිටී.