ඉරානය ප්‍රහාර දැඩි කරයි

ඉරාකය ඇතුළු මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් පසුගිය පැය 24 තුළ පමණක් ප්‍රහාර 21 ක් එල්ල කළ බව ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධී කණ්ඩායම පවසනවා.
මෙම ප්‍රහාර මාලාව සඳහා ඩ්‍රෝන යානා සහ රොකට් ප්‍රහාර දුසිම් ගණනක් භාවිත කර ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ඊශ්‍රායලයේ දකුණුදිග එරාඩ් නගරයට සෘජුවම පතිතවූ බැලැස්ටික් මිසයිලයක් වළක්වා ගැනීමට ඊශ්‍රායලය ආරක්ෂක පද්ධති අසමත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව එරට ගුවන් හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊශ්‍රායල හමුදාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මිසයිල දෙක අතරමගදී විනාශ කිරීමට ගත් උත්සාහයන් දෙකම අසාර්ථක වී ඇති බවයි.