T20 ලෝක කුසලාන ඉන්දියා – නවසීලන්ත අවසාන මහා තරගය අද

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.
අද රාත්‍රී 7.00ට මෙම තරගය ඉන්දියාවේ අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
ඉන්දියාව සහ නවසීලන්තය මෙම තරගය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයක් සඳහා ඉන්දියාව පෙර අවස්ථා තුනකදී සුදුසුකම් ලබා තිබුණු අතර ඉන් අවස්ථා දෙකකදී ශූරතාවය හිමිකර ගැනීමට සමත් වුණා.
මේ අතර නවසීලන්ත කණ්ඩායම 2021 වසරේදී පමණක් T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
එහිදී ඔවුන් අනුශූරයන් බවට පත්වීමට සමත් වුණේ ඕස්ට්‍රේලියාව ශූරයින් වූ පසුබිමකයි.