සනත්ට ශම්මිගෙන් අලුත් රැකියාවක්!

ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකාරීත්වය දැරූ සනත් ජයසූරිය, පසුගියදා එම තනතුරින් ඉවත් වුණා.
ඒ ලෝක කුසලාන ක්රිකට් තරගමාලාවේ දී ශ්රී ලංකාව ලැබූ අමිහිරි පරාජයන් සමගයි.
කෙසේ වෙතත් සනත් ජයසූරියට දිගටම ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ රැකියාවක් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව ඔහු ශ්රී ලංකා ක්රිකට් හි ‘හයි පර්ෆොර්මන්ස් සෙන්ටර්’ හි පුහුණුකරුවෙක් ලෙස දිගටම රැදී සිටීමට නියමිතයි.