එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු කඳවුරක් අසලට ඉරාන ප්‍රහාරයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඕස්ට්‍රේලියානු කඳවුරක් අසලට ඉරාන ප්‍රහාරක යානයක් (projectile) පතිත වී ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

කෙසේ වෙතත්, ඉන් කිසිදු ඕස්ට්‍රේලියානු භටයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා සඳහන් කරන්නේ.

එම ප්‍රහාරක යානය කඳවුර දෙසට දිවෙන මාර්ගයකට පතිත වීමෙන් හටගත් කුඩා ගින්නක් හේතුවෙන්, නවාතැන් ගොඩනැගිල්ලකට සහ වෛද්‍ය මධ්‍යස්ථානයකට සුළු හානි සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.