ඇමෙරිකාවේදී රන් දිනූ රන්සිළු දිවයිනට

ඇමෙරිකාවේ පැවති 38 වැනි “ආර්නෝල්ඩ් ක්ලැසික් ස්පෝට්ස් ” (Aold Classic Sports) තරගාවලියට ආසියානු මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක එහිදී රන් පදක්කම් දෙකක් සහ “ප්‍රෝ” ඉසවේ බඳ පටිය ද දිනා ගැනීමට සමත් වුණා.

එසේ ජයග්‍රහණය කළ ඔහු අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය සඳහා සුදුසුකම් සපුරා ඇති ලෝකයේ රටවල් 10ක ක්‍රීඩකයින් සහභාගී වූ මෙම තරගාවලිය පසුගිය 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ඇමෙරිකාවේ ඔහියෝ නුවර පැවැත්වුණා.

මෙම තරගාවලියට සමස්ථ ආසියානු මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සුදුසුකම් ලබා තිබුණා.

එහිදී “ඩෙඩ් ලිෆ්ට්” ඉසව්වෙන් තරග කළ ඔහු, කිලෝග්‍රෑම් 320ක් ඔසවමින් අමෙරිකානු තරගකරුවා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

එසේම මෙම තරගාවලියේ දී සවි එසවීමේ ඉසව්වෙන් කිලෝග්‍රෑම් 720ක් ඔසවමින් රන් පදක්කම දිනා ගැනීමට රන්සිළු සමත්ව තිබුණා.

එම ජයග්‍රහණයන් දෙකත් සමග රන්සිළු ජයතිලක වෙත “ප්‍රෝ ” බඳ පටිය දිනා ගැනීමට අවස්ථාව හිමි වුණා.