ගල් අගුරු නිසා ඩීසල් පරිභෝජනය වැඩි වෙලා – ප්‍රසන්න ගුණසේන

ගල් අඟුරු නිසා වර්තමානයේ විදුලි උත්පාදනය අඩුව තිබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරනවා.

සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරනවා.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ ඩීසල් ගෙන ඒමට ප්‍රමාණවත් තරම් මුදල් නැතැයි කතාව බොරුවක් බවයි.

එමෙන්ම ගල් අඟුරු වලින් දිනකට මෙගා වොට් 100 – 130 අතර ප්‍රමාණයක් අහිමි වන බවත්, ඒ ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට ඩීසල් මෙට්‍රික් ටොන් 100 ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කරනවා.

ඒ ප්‍රමාණය දෛනික විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණයෙන් 20% ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු තැබූ ෆේස්බුක් සටහන පහතින්,