මෙරට සිටින අමෙරිකානුවන්ට තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

ලොව පුරා ව්‍යාප්තව සිටින අමෙරිකානුවන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවයට වඩා ඉහළ ප්‍රමුඛතාවයක් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සතු නොවන බව ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරනවා.
මැදපෙරදිග හරහා පවතින සීමිත ගමන් මාර්ග යළි ආරම්භ කර තිබුණද, එක්සත් ජනපදය වෙත ආපසු යාමට බලාපොරොත්තු වන අය සඳහා එම කලාපය හරහා ගමන් කිරීම මගහැරිය හැකි විකල්ප ගමන් මාර්ග තවමත් පවතින බවයි එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ.
සිය පුරවැසියන්ගේ ගමන් සැලසුම්වලට බලපෑමක් සිදුවී ඇත්නම් සහ ඔවුන්ට නිලධාරියෙකු සමග කතා කිරීමට අවශ්‍ය නම්, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා, ප.ව. 1:00 සිට 2:00 දක්වා කාලය තුළ පෙර දැනුම්දීමකින් තොරව එම කාර්යාලයට පැමිණිය හැකි බවටයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
හදිසි සහාය සඳහා හෝ මෙම වේලාවන් තුළ පැමිණීමට නොහැකි නම්, තානාපති කාර්යාලයේ අමෙරිකානු පුරවැසි සේවා ඒකකය (+94-11-202-8500) හෝ නැතහොත් U.S. Citizens Services Navigator හරහා විද්‍යුත් පණිවිඩයක් (Email) යොමු කරන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ. (https://tinyurl.com/ACS-Visa-Navigator)
එසේම අමෙරිකානුවන්ගේ ගමනේදී, ළඟම ඇති එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් හෝ කොන්සියුලර් කාර්යාලයෙන් නවතම ආරක්ෂක යාවත්කාලීන කිරීම් ලබා ගැනීම සඳහා, සියලුම පුරවැසියන් ‘ස්මාර්ට් සංචාරක ලියාපදිංචි වැඩසටහනේ’ (STEP – Smart Traveler Enrollment Program) ලියාපදිංචි වන ලෙසටයි එම කාර්යාලය වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ. (http://step.state.gov)