ඉරානයට ‘කොන්දේසි විරහිතව යටත් වන්නැයි’ ඇමරිකානු ජනාධිපතිගෙන් දැඩි පණිවිඩයක්

ඉරානය සමඟ කිසිදු ගිවිසුමකට එළඹීමට තමන් සූදානම් නැති බවත්, ඒ සඳහා ඇත්තේ ‘කොන්දේසි විරහිත යටත් වීම’ පමණක් බවත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඉරානය එවැනි තීරණයකට එළඹීමෙන් අනතුරුව, සුදුසු සහ පිළිගත හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා ඇමරිකාව සහ සිය මිත්‍ර පාක්ෂිකයින් ඉරානය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි.
“එයින් පසු, ඉරානය යළිත් විනාශයේ අද්දරින් මුදාගෙන, පෙරට වඩා ආර්ථික වශයෙන් විශාල, වඩා යහපත් සහ ශක්තිමත් දේශයක් බවට පත් කිරීමට අපි අපගේ මිත්‍ර පාක්ෂිකයින් සමඟ වෙහෙස නොබලා වැඩ කරනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.