ඉරානයට එරෙහි යුද්ධය සිදු නොවිය යුත්තක් – චීනය

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදු කරනු ලබන ප්‍රහාරයන් කිසිසේත්ම සිදු විය යුත්තක් නොවන බව චීන විදේශ අමාත්‍ය වං යී පවසයි.

මෙම ප්‍රහාරයන් අවසන් කරන ලෙසත්, නැවත සාකච්ඡාවන් සදහා පැමිණෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

බීජිං නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වං යී මෙම අදහස් පළ කළ අතර, බලය භාවිතා කිරීමෙන් පවතින අර්බුදය කිසිදා විසඳිය නොහැකි බවද ඔහු එහිදී පැවසීය.