ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ජේමි සිඩන්ස් (Jamie Siddons) පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනය කරනවා.
තෙවන මට්ටමේ (Level 3) සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන සිඩන්ස් , 2007 සිට 2011 දක්වා බංග්ලාදේශ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.
මීට අමතරව ඔහු ඕස්ට්‍රේලියාවේ දකුණු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ (2015-2020) සහ නවසීලන්තයේ වෙලින්ටන් ෆයර්බර්ඩ්ස් කණ්ඩායමේ (2011-2015) ප්‍රධාන පුහුණුකරු ලෙස ද සේවය කර ඇති බව සඳහන්.