ජාතිකවාදී කඳවුරේ කුමාරයා!

ශ්‍රී ලංකාවේ ඊළඟ ජාතික නායකත්වය බිහි වන්නේ කුමන කඳවුරකින්දැයි තවම අනාවැකි කීමට කල් වැඩිය.
එනමුත් ඊළඟ ජනාධිපතිවරණයේදී මෙරට ජාතිකවාදී කඳවුර අතිශය බලවත් වන බවට සැකයක් නැත.
එමෙන්ම ජනාධිපතිවරණයේ දී තීරණාත්මක කඳවුර වනු ඇත්තේ ජාතිකවාදී කඳවුරයි.
විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව යටතේ සංස්කෘතිය, සභ්‍යත්වය සහ ජාතිකත්වයට කුඩම්මාගේ සැලකිලි ලබාදීම තුළ, ජනතාව ජාතිකත්ව කඳවුර වෙත නැඹුරු වීම නොවැලැක්විය හැකි සිදුවීමකි.
එවැනි පසුබිමක ස්වර්ණමය ගැටළුවක් ඉදිරිපත් වේ.
ජාතිකත්ව කඳවුර තිබෙන්නේ කොහේද ? එහි නායකයා කවුරුන්ද ?
පෙනෙනා ආකාරයට ජාතිකත්ව කඳවුර දැන් අලුත් නායකයෙකු වටා ගොනුවෙමින් සිටියි.
ඔහු ජාතිකවාදී කඳවුරත්, මෙරට මැද පන්තියත් එක් කළ හැකි පොදු සාධකයකි.
ඒ නායකයා දිලිත් ජයවීරයි.
ඔහු ජාතිකවාදියෙකි. එමෙන්ම අතිශය සාර්ථක ව්‍යවසායකයෙකි.
දිලිත් ජාතිකත්ව කඳවුරේ නායකත්වයට පැමිණෙන්නේ හුදෙක් ඔහුගේ පෞරුෂය, අතීතය සහ දේශපාලන සබඳතා මත පමණක්ම නොවේ.
දිලිත් ජාතිකත්ව කඳවුරේ නායකත්වයට පැමිණෙන්නේ, එයට නායකත්වය ලබා දීමට අවැසි චින්තනමය ධාරිතාවය පිරි මිනිසෙකු ලෙසයි.
ඒ සඳහා ආසන්නතම සිදුවීම් දෙකක් විශ්ලේෂනය කළ හැකිය.
පසුගිය මාර්තු 8 වැනිදාට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණි.
සියලූම දේශපාලනික පක්ෂ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ සාම්ප්‍රදායික සහ සුපුරුදු කාන්තාව බලගැන්වීම නැමැති ඊනියා සටන් පාඨය සමගයි.
නමුත් දිලිත් ඉතාම නිර්මාණශීලි, අපූරු වැඩක් කර තිබුණි.
ඔහු ජාත්‍යන්තර කාන්තා දිනය දා කිරි අම්මාවරුන්ගේ දානයක් සංවිධානය කර තිබුණි.
මෙරට සංස්කෘතිය සහ සම්ප්‍රදායට අනුව කාන්තාව යනු අම්මා යි. අප සංස්කෘතියේ කාන්තාව යනු බටහිර, ලිබරල්, ෆෙමිනිස්ට් කාන්තාව නොවේ.
දිලිත් මේ තත්ත්වය ඉතාම නිවැරදිව කියවාගෙන තිබුණි.
ඒ චින්තන ධාරිතාවය, ජාතිකත්ව කඳවුරේ නායකත්වයට තරග කරනා සෙස්සන්ට නැත.
එමෙන්ම පසුගියදා සංස්කෘතික අමාත්‍යාංශය විසින් අලුත් අවුරුදු නැකැත් ලබා දීමට කල් මරද්දී, දිලිත් වහා ක්‍රියාත්මක විය.
ඔහු ප්රවීණතම ජෝතිෂ්‍යවේදීන් සියල්ල එක් කර, සම්ප්‍රදායානූකුල අලුත් අවුරුදු නැකැත් පත්‍රය සකස් කරමින් එය ජනගත කරන ලදි.
දිලිත්ගේ දේශපාලනය ගොනු වී තිබෙන්නේ හුදෙක් සාම්ප්‍රදායික, දෛනික සටන් පාඨ වලට එහා ගිය දාර්ශනික අරමුණක් වෙනුවෙනි.
ඔහුගේ දේශපාලනයේ අරමුණම සංස්කෘතිය, සභ්‍යත්වය සහ ජාතිකත්වය ආරක්ෂා කිරීමයි.
දිලිත් දේශපාලනය කරන්නේ ඒ වෙනුවෙනි.
දිලිත් ජයවීර ජාතිකත්ව කඳවුරේ නායකත්වයට පත් වන්නේ ඒ අවංක අභිලාෂය ජනතාවට කාන්දු වීම හරහා ය.
දිලිත් සාර්ථක ව්‍යාපාරිකයෙකි. සාර්ථක සන්නිවේදකයෙකි. අතිශය සාර්ථක මානව සබඳතා ගොඩනගන්නෙකි. දක්ෂ සංවිධායකයකි.
ඔහු දේශපාලනයේ වේගවත් ගමනක් පැමිණෙමින් තිබේ.
ප්‍රථමයෙන්ම ඔහු රාජපක්ෂ පවුලෙන් ජාතිකත්ව කොඩිය උදුරා ගත්තේය. ඊලගට ඔහු මාන බලන්නේ මෙරට ජාතික නායකත්වයට වනබවට සැකයක් නැත.
පැහැදිලිවම 2029 වනවිට මෙරට දේශපාලනයේ තීරණාත්මක, ‘එක්ස්’ සාධකය දිලිත් නොවෙතැයි කිව හැක්කේ කාටද ?
– අමල් තෙන්නකෝන් –