ආනන්ද – නාලන්දා 49 වැනි එක්දින ගැටුම: නාලන්දාවට ලකුණු 53ක විශිෂ්ට ජයක්

කොළඹ එස්.එස්.සී. (SSC) පිටියේදී අද (07) පැවැති ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 49 වැනි සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 53ක ජයක් වාර්තා කිරීමට නාලන්දා කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නාලන්දා පිල නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 261ක් ලබා ගත්තා.
අනතුරුව, ලකුණු 262ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ආනන්ද පිලට පන්දුවාර 46යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණයි.
ආනන්ද ඉනිම වෙනුවෙන් දනිඳු සෙල්ලප්පෙරුම ලකුණු 80ක් රැස් කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වුවද, එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී නාලන්දා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ඕසඳ පමුදිත ලකුණු 19කට කඩුලු 3ක් ද, සන්තුල් විජයරත්න ලකුණු 50කට කඩුලු 2ක් ද බිඳහෙළමින් නාලන්ද විද්‍යාලය ජයග්‍රහණය කරා මෙහෙයවූවා.