ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය අතුරු කමිටුවකට?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අතුරු කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකුට පැවරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.