T20 ලෝක කුසලානය ඉන්දියාවට!

2026 T20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින්.
තරගයේ කාසියේ වාසිය පරාජය වී පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම, සිය පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 255 ක් ලබා ගත්තා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුපිරි ආරම්භයක් ලබා ගත් අභිශේක් ෂර්මා පන්දු 21 කින් ලකුණු 52 රැස් කළා.
සංජු සැම්සන් පන්දු 46 කින් ලකුණු 89 යි. ඔහුගේ ඉනිමට හයේ පහර අටක් ඇතුළත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට සියලූම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.
මේ ඉන්දීය කණ්ඩායම දිනා ගත් තුන්වන T20 ලෝක කුසලානයයි.
මේ ජයග්‍රහණය සමග වැඩිම වරක් T20 ලෝක කුසලාන ජයගත් කණ්ඩායම බවටද ඉන්දියාව පත්වුණා.
ඔවුන් මින්පෙර 2007, 2024 T20 ලෝක කුසලාන ජය ගත්තා.